අවාසනාවට ඇත්ත කතාවක්

අයියා නංගීගේ දෙවියාය..
වෙලාව හවස 4ට විතර ඇති. එදා සෙනසුරාදා දවසක් නිසා හවසට කන්න මොනවහරි ගේන්නඕන කියලා හිතිලා හංදියේ තියන බේකරියට ගොඩවුනා. හායි ගාලා බේකරිය ඇරලාදාලා බේකරි කොලුවා කොහෙද ගිහිල්ලා. ඉතින් මම ටිකවෙලාවක් බලාගෙන හිටියා බේකරියේ තිබුන පුටුවක වාඩිවෙලා. හිතයටින් තරහෙත් බැහැ. මොකද මෙතන කෑමත් පුරෝල තියෙනවා මිනිස්සුත් ඇවිත් ඉන්නව ඒ මදිවට සල්ලි ලාච්චුවත් ඇරලා දාලා. ඉතින් බැරිවෙලාවත් සල්ලි අඩුවක් හරි උනොත් අපිවනෙ අහුවෙන්නේ.

බැරිමතැන එහාපැත්තේ තියන මගේ යාලුවෙකුගේ කොමියුනිකේශන් එකකට ගිහින් බැලුවා මනුස්සය එතනවත් ඉන්නවද කියලා. මගේ අනුමානේ හරි මනුස්සය කවුද එක්ක බරමබර ටෙලිෆෝන් කතාවක්. මිනිහට නෙවේ වගේ, ඔහේ එල්ලීගෙන කතාව. ඉතින් මම ගිහින් මගේ යාලුවට කිව්වා “මචං අමිල අරෙහේ බේකරිය පිරෙන්න සෙනඟ ඇවිල්ලා මෙයා මෙතන හොඳට කතාවකනේ” කියලා. ඊට පස්සේ අමිල කොල්ලට බේකරිය ගැන කිව්ව විතරයි අර බරකතාව එකපාරටම නවත්තල සල්ලිත් නොදී දිව්වා බේකරියට.

ටිකවෙලාවක් කොලුවා දිහා බලන්හිටපු මම ආයෙමත් හෙමිහිට බේකරිය පැත්තට ගියා. ඇයි දන්නවද හදිසියේ හිටපු මම හෙමිහිට ගියේ? නැත්තං බේකරිය ඇතුලෙ පොරකන්න වෙනවනේ ඒකයි. ඉතින් මම බේකරියට එනකොට දෙන්නෙක්ට වඩා ඇතුලේ හිටියේ නැතිනිසා ලේසියෙන්ම බේකරිය ඇතුලටම යන්න පුලුවන් වුණා. හිටපු දෙන්නත් ටික වෙලාවකින් යන්න ගියා. දැන්තමයි මගේ වාරේ. එකපාරටම කොලුව දිහා බලපු මට දුකකුත් ඇතිවුනා. කෙසඟ, ටිකක් විතර උසට වැඩුනු දේහයක් තිබුනු මේ කොලුවා තවමත් දුවපු වේගෙට හති අරිනවා.

මම එකපාරටම කොල්ලගෙන් ඇහුවා “කොහෙද මල්ලි ගියේ? මෙහේ ඔක්කොම ඇරලා දාලා, කවුරුත් ඇත්තෙත් නැහැ, අනික ඔයා කරන්නේ රස්සාවක් නේද?” කියලා. කොල්ලට එකපාරටම ලැජ්ජ හිතුනා. තමන් කරපු දේ තියෙන බරපතලකම වහගන්න හිතාගෙන කොල්ලා කියනවා “ලාච්චුව ඇරලා ගියාට සර් ඒකෙ සල්ලි තියලනං යන්නෙ නැහැ” කියලා. එතකොට පොඩි හිනාවක් දාපු මම ඇහුවා “මල්ලිගෙ යම කොහෙද?” කියලා. “මගේ ගම මාතර සර්, වලස්මුල්ලේ” කියලා කොලුවා උත්තර දුන්නා.

“ආ ඇත්තද වලස්මුල්ලේ කොහේද?” කියලා මම ඇහුවම කොලුවා කියනවා “ටවුමට කිට්ටුව සර්” කියලා. ඔය කතාව මැද්දෙන් තමන්ගැන විස්තර කරන්න පටන්ගත්ත මේ කොලුවා අහිංසකයෙක් විත්තිය මට තේරුණේ මේ කතාව ඇහුවට පස්සෙයි. “මම ගමට යනවා සර් මට දැන්මේ රස්සාව එපාවෙලා තියෙන්නේ” කියලා එකපාරටම කොලුවා කිව්වේ කියාගන්න බැරි දුකක් හිතේ හිරකරගෙන කියන එක මට යන්තමින් නමුත් දැනුණා.

“ඇයි මල්ලී එහෙම කියන්නේ මොකක්ද ප්රශ්නේ?” කියලා අනිත්පැත්තට මම ඔහුගෙන් ඇහුවා. “මම රස්සාව කරාට බලන්න මගේ අයිඩෙන්ටි කාඩ් එක” කියලා පර්ස්එකෙන් ඇදලා අරන් මගේ අතට ඔහුගේ අයිඩෙන්ටිටි කාඩ් එක දුන්නා. ඒක අලුත්ම අලුත් කලර්ෆොටෝවක් දාලා හදපු ID එකක්. එකපාරටම මගේ හිතකම්පාවුනේ ඔහු ඉපදුනු අවුරුද්ද දැක්කට පස්සෙයි. 1990 තමයි මේ කොලුගැටයා ඉපදිලා තිබුනේ. කොටින්ම තාම 18 ලබලත් නැහැ.

“ඇයි මල්ලි දැන්මම රස්සා කරන්නේ? ඔයාට තාම 18 වෙලත් නැහැනේ” කියලා මම ඇහුවේ හිතේ ඇතිවෙච්ච කුතුහලය නිසාමයි. “ඔව් සර් මගේ වයසේ යාලුවෝ 2009 උසස්පෙළ ලියනවා” කියලා කොලුව කිව්වේ මඳක් දුක්මුසු හඬකින්. “මම මේ රස්සාව කරන්නේ නැතිබැරිකම හින්දමයි සර්” කියලා කොලුවා කිව්වේ කඩාහැලුනු උරහිස් සහිතව බිමබලා ගනිමින්. මට හරිම අනුකම්පාවක් ඇතිවුනා ඒ වෙලාවේ. මම ඇහුවා “මල්ලිට මොකද වුනේ මේවගේ තත්ත්වයකට වැටෙන්න” කියලා. ඒ විදිහට මම ඇහුවේ මේ කතාවගැන යමක් ලියන්න ඕන කියලා හිතුන නිසාමයි.

“අපිට ගොඩාක් වතුපිටි තිබුන අය සර්.”

“මම තමයි පවුලේ වැඩිමලා.”

“මට තව මල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා.”

“මගේ ගෙදර හැම පහසුකමක්ම තිබුන, ගමේ තිබ්බ ලොකුම ගෙදර තමයි.”

“මගේ තාත්තට ප්රසිද්ධ පොටෝ සාප්පුවක් තිබුනා.”

“මගේ අම්මා ගොවිතැන් බලාගෙන ගෙදරට වෙලා හිටියා.” ඔය විදියට කොලුවා මට තමන්ගේ මුල්කාලය ගැන දිගටම කියාගෙන ගියා.

මට ඉතින් පුදුමෙනුත් පුදුමයි මේ දරුවගේ කතාවට. කොලුව ටිකක් නිහඬව ඉඳලා ආයෙත් කතාව පටන්ගත්තා.

“මමයි මල්ලියි ඉගෙනගත්තේ දෙබරවැව සෙන්ට්රල් කොලේජ් එකේ.”

” ඒ කාලේ මගේ නංගි පොඩියි.”

“අපි පවුලක් විදිහට කොන්ද කෙලින් කරන් හිටියා සර්.” එහෙම කියන ගමන් කොල්ලට එකපාරටම ඇඬුනා.

“ඉතින් මල්ලි මොකද ඊට පස්සේ උනේ”

“අපේ තාත්තට සල්ලි තිබ්බ නිසාම බීමට ඇබ්බැහිවෙලා හිටියේ.”

“අනේ ඒත් අම්මට, අපිට කිසිම කරදරයක් නං කරේ නැහැ.”

“තමන්ගේ පාඩුවේ තමයි හිටියේ.”

“එක දවසක් තාත්තට අසනීපවෙලා ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කරා.”

“මමයි අම්මයි දුවගෙන ගියා ඉස්පිරිතාලෙට.”

“තාත්තට තිබුන ආබාදය මොකක්ද කියලා මට තේරුණේ නැහැ එකපාරටම”

“මොකද මම එතකොට ටිකක් පොඩියි”

“ඒත් තාත්තගේ හදවතේ නහරයක් හීනි වෙච්ච නිසා “බයිපාස්” ඔපරේෂන් එකක් කරන්න ඕන කියලා දොස්තර මහත්තයා අම්මට කියනවා මට යන්තමින් වගේ ඇහුණා”

“මුලින්ම දොස්තර කිව්වේ ඉන්දියාවට යවන්නවෙයි කියලා.”

“ඒත් අපි තාත්තව ගාල්ලේ හිටපු ප්රසිද්ධ දොස්තර මහත්තයෙක්ට පෙන්නපු වෙලාවේ, එතුමා ලංකාවේ ඇපලෝ රෝහලේ සැත්කම කරන්න කටයුතු සලසලා දුන්නා”

එහෙම කියන ගමන් කොලුවා ටික වෙලාවකට නිහඬවුනේ බේකරියට දෙතුන් දෙනෙක් ආපු නිසයි.

ඔන්න ඒ අය යන්නගිය හින්දා කතාව ආයෙත් පටන්ගත්තා.

“ඉතිං සර් ඔපරේෂන් එකට ලක්ෂ ගණනක් ඕන කරනවග දොස්තර මහත්තයා අම්මට කිව්වා”

“සල්ලි වලට වඩා ජීවිතේ වටින නිසා අපි තාත්තගේ පොටෝ සාප්පුව තාත්තගේ ගෝලයට විකුණුවා බඩුත් එක්කම ලක්ෂ හතරහමාරකට”.

“අපිට තිබුණු ඉඩම් වලිනුත් කොටසක් විකුණලා සල්ලිටික හොයාගෙන ඔපරේෂන් එක කරා”

“අපි හිතුවේ ඒත් තාත්තා ජීවත් නොවේවිය කියලා” කියමින් කොලුවා දිග සුසුමක් ඇරියා.

“අපි ඊටපස්සේ හිතුවේ වියදම් ඉවරයි කියලා, ඒත් තාත්තව ඇපලෝ ඉස්පිරිතාලේ දැඩිසත්කාර ඒකකයේ දවස් හතරක් තියන්න ඕන කියලා දොස්තරලා කිව්වා.”

“මොනවා කරන්නද සර් අපිට ඉතිං දැන් මහා සල්ලියකුත් නැහැනේ.”

“ඉතිරිවෙලා තිබුනු ඉඩකඩං වලිනුත් ටිකක් ආයෙත් විකුණලා ඒ සල්ලි පියවුවා.”

“ඔහොම තමයි සර් අපේ පවුලේ බිඳවැටීම පටන්ගත්තේ”

“ඉතිං ඇයි මල්ලී ඉස්කෝලෙ යනඑක නවත්තලා මේ රස්සාවට ආවේ? අම්මා ඉන්නවනේ තාත්තව වගේම පවුල බලාගන්න” කියලා මම ඇහුවේ හිතේ ඇතිවුනු කුතුහලය නැතිකරගන්න හිතාගෙන.

කොලුව දුන්න උත්තරයෙන් මාව මොහොතකට ගොලුවී ගියේ කරකියාගත නොහැකි අන්දමකටයි.

“තාත්තව ගෙදර එක්කං ගිහිං සතියකින් මගේ අම්මා නැතිවුනා සර්” කියලා කොලුවා කිව්වේ ඇස්වල කඳුලු පුරෝගෙන.

මට ඒ දරුවගේ දෙනෙතින් වැටුනු කඳුලක බර දැනුනේ ඒ මොහොතේදී තමයි.

“අම්ම හිටියනං මට මෙහෙම දුක්විඳින්න වෙන්නේ නැහැ සර්. මමත් ආසයි සර් ඉගෙනගන්න.” කියලා කොලුව කිව්වම මට හිතුනේ අපි කොච්චර වාසනාවන්තද කියලා. “ඉතිං මල්ලි මොනවා වෙලාද අම්මා නැතිවුනේ?” මම එහෙම ඇහුවේ තව දුරටත් කතාව අහන්න ඇතිවෙච්ච ඕනෑකම නිසයි.

“තාත්තා ගෙදර ගෙනැල්ලා තාත්තව ඇඳේ තියාගෙන සලකපු අම්මා ඒ දවස්වල නිදියගත්තේ ඇඳලඟ බිම. ඉතින් ඔහොම නිදාගෙන ඉද්දි අම්මව තෙල්කරවලෙක් කාලා තමයි අකාලයේ අපෙන් ඈත්වුනේ”

“අනේ මල්ලි දැන් තාත්තා කොහෙද ඉන්නේ?”

“තාත්තාදැන් සමාජ සේවේ කරගෙන ගමට වෙලා ඉන්නවා” කියලා කොලුවා කිව්වේ හරිම දුකෙන්.

“එතකොට මල්ලි ඔයාගේ මල්ලියි නංගියි කොහෙද ඉන්නේ”

“මල්ලි ගිය සතියේ මහණ වුනා සර් එයාට නං දැන් ප්රශ්නයක් නැහැ සර්”

බලන්න ජීවිතේ හැටි. පුදුම දෙයක් තමයි දෛවය කියන්නේ. “එතකොට නංගි?”

“නංගි පුංචි කෙනෙක් ගාව හැදෙනවා”

“නංගිට උගන්නන්න තමයි සර් මම මේ දහදුක් විඳින්නේ”

“මට බැරිවෙච්ච දේ නංගිට කොහොමහරි ලබාදෙනවා සර්”

ඒ කීම ඇහුව මට හිතුනේ පුංචි කොලුගැටයෙක් මුණගැහුනට වඩා, නංගි ගැන වදවෙන නංගිගේ අනාගතය වර්තමානයේ ඉඳන් දකින අයියා කෙනෙක් මුණගැහුන විදියටයි.

මේ දරුවගේ කතාව ඇහුව වෙලේ මගේ හිතේ ඇතිවුනේ අප්රමාණ දුකක්. අපි හොඳට කාලා බීලා ජීවත්වුනත් උලාකාගන්නවත් බැරිතරමේ අසරණුන් අපේ සමාජයේ කොච්චර ඉන්නවද කියලා මට හිතුනේ කම්පාවක් හිත ඇතුලේ ඉතිරි කරමින්.

මම ඔහුට මගේ ආයතනයේ කිසියම් රස්සාවක් හොයලා දෙන්න පොරොන්දුවක් දෙනගමන්ම හවසට කන්න කෑමත් අරන් එන්න පිටත්වුනා. අවසන් වශයෙන් මට හිතෙන්නේ, බුදුන්කල සිටි පටාචාරාවගේ ජීවිතයට මඳක් සමීපවූ ජීවිතයක අත්දැකීම් ගොන්නක් මඳකට විඳින්නට අවස්ථාව උදාවූ විදිහටයි.

මාවත අසබඩ ගෙවීයන සැඳෑසමය
අපේ ගෙදර කට්ටිය පුරුද්දක් විදිහට හැම අවුරුද්දකම කතරගම යනවා. මුලු අවුරුද්ද පුරාම එකතු කරගත්ත පඬුරු බාරහාර ඔප්පුකරන්නත් එක්කම තමයි අපි යන්නේ. හැම අවුරුද්දකම පෙරහැර කාලෙ අල්ලල තමයි ගමන ලෑස්ති කරන්නේ. අම්මා තමයි නඩේ ගුරා. තාත්තා ප්‍රධාන මූල්‍ය සම්පාදක. අක්කයි මමයි තමයි සහභාගිකයෝ විදිහට එකතු වෙන්නේ. ඒකත් අක්කා කසාද බඳින්න ඉස්සරවෙලා. දැන්නං එයාලා වෙනමම පවුලක්නේ. අනික ඉතිං දොස්තරලාගේ කාර්ය්‍යබහුල කම ගැන වෙනමම කතා මොකටද නේද? ඉතිං දැන් අපි වෙන වෙනම තමයි ගොඩක් වෙලාවට යන්නේ. ඔහොම තමයි අපේ කතරගම ගමන.

මේ කතාවට පාදකවුනේ අදට අවුරුදු හතකට ඉස්සෙල්ලා අත්විඳින්න ලැබුන අවාසනාවන්ත සිදුවීමක්.

එදා කතරගම අවසාන මහා පෙරහැරට ඉස්සෙල්ලා දවස. මුලු කිරිවෙහෙරම ලයිට් එළියෙන් ඒකාලෝක වෙලා.

නිල්, කහ, රතු, සුදු, තැඹිලි පාට ලයිට්වැල් පෝලිමට අහුරපු මාල මිටියක් වගේ සීතල හුළඟේ ඒ මේ අත වැනෙනවා. මුලු කිරිවෙහෙරම කහපාට ලයිට්වලින් වැහිලා ගිහිල්ලා. හරිම සතුටක් තමයි හිතට ඇතිවෙන්නේ. ලයිට්වැල් යටින්, සීතල වැල්ල උඩින් අඩිය තියමින් ඇවිදිනකොට දැනෙන සනීපය හරිම අපූරුයි. ඕක තමයි කිරිවෙහෙර අවට තත්ත්වෙ.

ඔය අස්සේ සිඬාලේප ලක්පේයාව දන්සැලකුත් පැත්තකින් ඉදිකරලා. ඔසුපැන් බොන්න පෝලිම අප්පා මාරදිගයි. එක්කෙනා පස්සේ එක්කෙනා දෙයක් ගන්න ඉවසීමෙන් යන එක, අපේ රටේ ටිකක් දකින්න අමාරු දෙයක්නේ. දන්සැලටත් පොරකනවා කට්ටිය හරි හරියට. මමත් මොකද වෙනම, මමත් මැදට පැනලා පොරකාලා පේයාව එකක් අරගත්තා.

ඒකට තමයි කියන්නේ තමා අවට ඇති පරිසරයට අනුවර්තනය වෙනවා කියලා.   හෙමිහිට පේයාව බොන්න හිතාගෙන පේයාව කෝප්පෙත් අරගෙන ටිකක් එහාට වෙන්න තිබුන බංකුවක වාඩිවුනා. ඔහොම වාඩිවෙලා පේයාව කෝප්පය හෙමිහිට ඉවරකරන අතරතුරේ ඈතින් එනවා පෙනුන මහලු කාන්තාවක් දිහා ටිකක් බලාගෙන ඉන්න පටන්ගත්තේ මටම නොදැනීමයි.

තමන්ට දරන්න බැරිතරමේ ලොකුම ලොකු බෑග් දෙකක බඩු පුරෝගෙන, අත්බරුවක් බරටම උස්සගෙන, තනියෙන් කියව කියව පාඩුවේ මගේ පැත්තට එනවා. තමන් පහුකරලා යන හැම කෙනෙක් එක්කම අහිංසක විදිහට හිනාවෙනවා. බෑග්ටික බිමතියලා ටික වෙලාවක් ඉන්නවා හිටගෙන. එහෙම ඉන්න ගමන් ඔලුව කසනවා. ඇඳගෙන ඉන්න ඇඳුමත් ටිකක් විතර කිලුටු වෙච්ච එකක්. කොන්ඩෙත් කපුකුල්ලට ඉදිලා. හරිම අසරණ විලාසයක් තමයි බලනකොට පේන්නට තියෙන්නේ.

තත්ත්වේ එහෙම වුනත් ඇය තුලින් කෙසඟ පෙනුමක්නං දකින්න ලැබුනේ නැහැ. ටිකවෙලාවක් ගතවුනා, ඇඟට නොදැනීම ඇය මගේ ලඟටම ඇවිල්ලා. අනේ තවටිකක් ලංවුන තැන තමයි මම ඇගේ රූපය හරියටම දැක්කේ. ඇය හරිම පියකරු මැහැල්ලක් කියලා මට හිතුනා. මං ලඟට ආපු ඇය මගේ දිහාත් බලලා සුපුරුදු අහිංසක හිනාව දැම්මා. මමත් පෙරලා හිනාවෙලා ඇයත් එක්ක ටිකක් කතාකරන්න පටන්ගත්තා.

“හා මේ කොහේ යන ගමන්ද” එහෙම මම කතාව පටන්ගත්තේ කාලෙක ඉඳන් හඳුනන කෙනෙක් හම්බවුන විදිහටයි.

“මම මේ පෙරහැර බලන්න යනවා මහත්තයෝ” කියලා ඇය කතාවට මුලපිරුවේ, අත්බරුවක් බරට උස්සගෙන හිටපු ගමන්මලු කීපය බිමතියන ගමන්.

ඇය පෙනුමෙන් හිඟන්නියක් වගේ වුනත් ඇයගේ විස්තර සැකෙවින් දැනගන්න හිතාගෙන මම වඩා ලෙන්ගතු ක්‍රමයකට, ඒ කිව්වේ “අම්මා” කියලා ඇයව අමතන්න ගත්තා.

“අම්මගේ ගම කතරගමද?”

“අනේ නැහැ මහත්තයෝ මම ජීවත්වුනේ දෙහිවල” කියලා ඇය උත්තර දුන්නේ මට හරිම ආදරණීය හිනාවක් දමමින්මයි.

උසින් අඩි හතරහමාරක් විතර වුනු මේ කාන්තාව ජීවිතේ කිසියම් සරදමකට ලක්වුන කෙනෙක්බවට ඇය දෙසබලන ඕනම කෙනෙකුට හැඟීයන දෙයක්. මම ඇයත් සමඟ දිගටම කතාකරන්නට බලාපොරොත්තුවෙන් සිටිනවග දැනිලද කොහෙද, ඇය පදික වෙදිකාවේ පසකට වෙන්න මම ලඟින් ඉඳගත්තා. ඉඳගෙන ආයෙත් කතාකරන්න පටන්ගත්තා.

“මම කතරගමට ආවේ සතියකට උඩදි මහත්තයෝ”

“මම ලංකාවපුරාම තියන පෙරහැර උත්සව කාලවලට ඒ පැතිවලට යනවා”

“පොසොන් එකට මම හිටියේ අනුරාධපුරේ, දැං ඇසළ එකට මේ කතරගමට ඇවිත් තමයි ඉන්නේ” කියලා ඇගේ ගමන්මග විස්තර කරන්නට වුනා. “ඉතිං අම්මේ අම්මට සලකන්න කවුරුත් නැද්ද?” මම එහෙම ඇහුවා.

“හ්ම්…” කියලා ඇය සුසුමක් ඇරියා. ඒ කරලා ඔලුව පැත්තකට බාගෙන “මට කාත් කවුරුවත් නෑ මහත්තයෝ” කියලා දුක්මුසු ස්වරයෙන් කිව්වා.

ඔතන ඉඳන් තමයි මම ඇගේ ජීවිත කතාව හාරවුස්සන්න පටන් ගත්තේ.

“මම උපන්නේ එකදහස් නමසිය හතලිහෙ අවුරුද්දේ කලුතර පළාතෙ”

“මගේ පියා වත්තක කම්කරුවෙක් විදිහට වැඩකරලා තමයි මහත්තයෝ අපිට කන්න අඳින්න දුන්නේ”

“මමත් ඉස්කෝලෙ ගියා, අකුරු එහෙමත් කියවන්න ලියන්න තාමත් හොඳට පුලුවං” කියලා මඳක් ආඩම්බර හිනාවකින් ඇය මුහුන සරසාගත්තා.

“මගේ අම්මත් කුලියක් මලියක් කරගෙන තාත්තගේ බරෙන් කොටසක් කරගැහුවේ, අපිට අඩුපාඩුවක් කරන්න තියෙන අකමැත්ත නිසාමයි.”

“මම වැඩිවියට පැමිණිච්ච දා අම්මා මගේ කරට දාපු මාලේ තමයි මම මගේ ජීවිතේට ලබපු වටිනම තෑග්ග මහත්තයෝ” කියනගමන් ඇය මඳකට බිම බලාගත්තා.

“ඔහොම කාළයක් ගතවෙලා ගියා.”

“මමත් දැන් හරි හරියට ලස්සනයි”

“දීග දෙන වයසත් එන්න එන්නම ලං වෙනවා”

“ඔය අතරේ හංදියේ කඩේ ලඟ හිටපු කොලුගැටයෙකුට මගේ හිත නොදැනීම ඇදිලා ගියා”

“එතකොට මට වයස අවුරුදු දහඅටක් විතර ඇති මයෙ හිතේ”

“ඔය විදිහට තමයි මහත්තයෝ මගේ තරුණ කාලේ ගතවුනේ” කියලා ඇය කිව්වේ අවුල්වෙච්ච කොන්ඩේ පීරන්න හිතාගෙන පොඩි පනාවකුත් අතට ගන්න ගමන්මයි.

තවදුරටත් 2008-05-25

අතටගත්ත පනාවෙන් කපුකුල්ලක් වගේ ඉදිලා තිබුනු මඳක් දිගට වැවීගිය කොන්ඩය සීරුවට පීරන්න පටන්ගත්තා.

“ඉතිං අම්මේ මොකද අර කොලුගැටයට උනේ” මම එහෙම ඇහුවේ ඒකත් සුන්දර ආදර කතාවක් නිසයි. ඒ අස්වැසිල්ලෙන් කතාව පටන්ගත්ත ඇය තමන්ගේ නැවුම් ආදරය ගැන මතකය අවදිකරේ හරිම ආසාවකින්. ඇයට නොදෙවෙනි වෙච්ච ආසාවක් මගේ හිතේ ඇතිවුනා කතාව අහගන්න. මෙන්න මෙහෙමයි ඇය කතාවට මුලපිරුවේ.

“එයා හරිම කඩිසර තරුණයෙක් තමයි”

“කඩියා වගේ එහාට මෙහාට පැනලා ඕනම තැනකදී වැඩකරා”

“මට එයාව කඩමංඩියෙදි තමයි මුලින්ම හමුවුනේ”

“ඔන්න ඊට ටිකකාලෙකට පස්සේ අපේ පළාතේ හිටපු අපිට දුරින් නෑකමක් තිබිච්ච මාමා කෙනෙක් අන්තරා වුනා”

“එයා එදා රෑ මරණ පොළට ඇවිත් හිටියා යාලුවො ටිකදෙනෙකුත් එකතුකරගෙන”

“මම ආපු අයට කෝපි අල්ලන ගමන් එයාගෙ ළඟටත් ගිහිං කෝපි කෝප්පයක් ඇල්ලුවා”

“එදා තමයි අපි එකිනෙකාට ගොඩක් සමීපව මුණගැහුනේ”

“එයා ළඟදී මට ඇතිවුනේ හරිම ලැජ්ජාවක්”

“මම පොඩි හිනාවක් දාලා ඉක්මනට ගෙට දුවලා ගියා”

“ගිහිං දොරරෙද්ද අස්සෙං ආයෙමත් සැරයක් එයාගේ මූණ දිහා හොරෙං බැලුවා”

කියලා ඇය හකහක ගාලා හයියෙන් හිනාවෙන්න වුනා.

ඔය විදිහට කතා කරන ගමන් ඇය දිගටම කොන්ඩේ පීරනවා.

“ඉතිං අම්මේ මොකද ඊටපස්සේ සිද්දවුණේ?”

“ඔහොම ටිකෙන් ටික ඒ දවස් කීපයෙදි අපි සුහද වුනා”

“මම ඒ කාලේ ඉස්කෝලෙ යනවා, එයා වඩුමඩුවක වැඩට යනවා”

“ආ මහත්තයෝ මට එයාගේ නම කියන්න බැරි උනානේ, එයාගේ නම “සෙල්ටන්”"

“අපි ඉස්සර ඉස්කෝලෙ ගියේ පයින් මහත්තයෝ ඒකාලේ දැන්වගේ වාහන තිබුනේ නැහැ”

“උදෙන්ම නැගිටලා අම්මට කියලා කොන්ඩදෙක ගොතවගෙන දුවනවා පයින්ම ඉස්කෝලෙට”

“මට ටිකදුරක් යන්නදීලා එයා බයිසිකලෙන් එනවා බඹරා වගේ”

“ඇවිත් පාරේ කවුරුවත් අඳුරන අය එනවද කියලා වටපිට බලලා මාව බයිසිකලේ දමාගෙන පදිනවා”

“ඔහොම ටිකෙන් ටික අපි හැමදාම උදේට මුණගැහෙන්න පටන්ගත්තා”

“අපි දෙන්නට දෙන්නා එකිනෙකාට ගොඩාක් ලංවුනා කාලයත් එක්කම”

“දවසක් අපිදෙන්නා ඩබල් දාලා බයිසිකලේ යනවා අපේ ගෙවල් ලඟ නැන්දා කෙනෙක් දැකලා තියෙනවා”

“ඔන්න ඔතනදි තමයි මහත්තයෝ අපේ ආදරයට කණකොකා හඬන්න පටන්ගත්තේ” කියලා ඇය වතුරබෝතලයක් ඇදලා ගත්තා මල්ලෙන්. ඒ කරලා වතුර උගුරක් දෙකක් බිව්වා තොලකට වේලිච්ච නිසාද කොහෙද?

තවදුරටත් 2008-05-28

“ඉතිං එයා මට වඩා ටිකක් වයසයි.”

“ඒ වගේම එයා අපේ කුලේ කෙනෙක් නෙවෙයි කියලා අම්මට ආරංචි වෙලා”

“ගෙදර එකම ගාලගෝට්ටියයි මහත්තයෝ”

“අම්මයි තාත්තයි අපේ සම්බන්දෙට පොඩ්ඩක්වත් කැමති නැතිවුනා”

“මම ආදරේ කියලා මුලින්ම දැනගත්තේ එයාගෙන් තමයි”

“ඉතිං මටත් හරිම දුකයි වැඩේට ඒ වගේම කේන්තියි” කියලා ඇය කියන වෙලාවේ ඇයට ඇත්තටම කේන්ති ගිහින්ද කියලා මටත් හිතේ අඩමානයක් තිබුනා.

“ඉතිං අම්මේ මොකද ඊටපස්සේ කලේ”

“ඔය අස්සේ මම කෝකටත් කියලා එයාට ගෙදර විස්තරේ කිව්වා”

“අපිට නං අම්මලගෙන් ගැලවීමක් නැහැ කියලා මම එයාට කිව්වා”

“මේ සිද්දිය වෙනකොට මට අවුරුදු දාසයක් විතර ඇති”

“ඉතිං මටත් හරියට දැනුමක් තේරුමක් තිබ්බේ නැහැ ඔය කරුණු කාරනා ගැන”

“එයා මට වඩා අවුරුදු දොලහක් විතර වැඩිමල් හිංදා එයාට කෙලිං තීරණයක් ගන්න පුලුවං වුනා”

“ආ මට කියන්න බැරිවුනානේ තව කාරණයක්”

“අම්මලා එයාට තවත් අකමැතිවෙච්ච දෙයක් තමයි එයාට කාත් කවුරුවත් හිටියේ නැති එක”

“තාත්තා රෑට තෙලිජ්ජ කටගොන්නක් බීගෙන ඇවිත්, “ඔය ආතක් පාතක් නැති උන්ට මගේ කෙල්ල දෙන්නේ නැහැ ඕං” කියලා  අඩිපොලොවේ ගහනවා”

“ඒපාර මට ඉතිං තවත් බයයි”

“ඉතිං ඔහොම දවස් හත අටකට පස්සේ කාටත් හොරෙං මම එයාව හම්බ වුනා”

“ඒ වෙලාවේ එයා මගෙං අහනවා, ඔයා මොකද කියන්නේ අපේ ලොකු බාසුන්නැහෙගේ අඳුරන ගෙයක් තියනවා මොරටුවේ,  මම එයාට මගේ ප්රස්නේ කිව්වම “උඹලට මම ගේ දෙන්නං” කියලා බාසුන්නැහැ මට කිව්වා” කියලා.

“එතකොටයි මටතේරුණේ මෙයා හදන්නේ මාවත් අරං හඳපානෙම දීගයන්න කියලා”

“එක අතකට අම්මලා එක අතකට සෙල්ටන් මට කිසිදෙයක් තේරුංගන්න බැරිවුනා එකපාරටම”

“කොහොමහරි අකමැත්තෙන් හරි මට සෙල්ටන්ගේ කීමට එකඟවෙන්න සිද්දවුනා”

“ඊට සති දෙකකට විතර පස්සේ අපි ගෙදරට හොරා මොරටුවේ අර කියපු ගෙදරට පැනලා ගියා”

——-මතු සම්බන්ධයි———-